මොවුන් පිටතට ගෙන යනවානම්; දෑතට සහ
දෙපයට විලංගු දමා ආරක්ෂිතව ගෙන යන
ලෙස අධිකරණය නියෝග කරයි.
රැදවුම් නියෝග මත රදවා තබා ගනිමින් ප්‍රශ්න කිරීමට ලක්කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයන් බව කියන නදුන් චින්තක වික්‍රමරත්න සහ සළිදු මල්ශිත ග-ුණරත්න යන අය වැඩි දුර විමර්ෂණ සදහා පිටතට රැගෙන යන්නේ නම්, ඔවුන් දෙදෙනා මහජන පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා භාරයේ ආරක්ෂා සහිතව, දෑතට සහ දෙපයට මාංචු දමා රැගෙන යන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.