මෝල් හිමියෝ වී කිලෝව 90 ගානේ පටවාගෙන යති…!

0
92

නාඩු කිලෝව 120 ට ගන්නවා කිව්වත්
ඒ මිලට වී ගන්න වී අලෙවි මණ්ඩලයට මුදල් නෑ.
මෝල් හිමියෝ වී කිලෝව 90 ගානේ
පටවාගෙන යති…!

වී අලෙවි මණ්ඩලය ඉහළ මිලකට ගොවියන්ගෙන් වී මිලදී ගන්නා බවට පොරොන්දු වී තිබුනත් වී මිලදී ගැනීම සදහා අවශ්‍ය මුදල් නොමැති වීම නිසා රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ මුළුමනින්ම පාහේ අසාර්ථක වී තිබේ.

වී අලෙවි මණ්ඩලය නාඩු වී කිලෝවක් රුපියල් 120 ක මිලකටත් සම්බා කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 130 ක මිලකටත් මිලදි ගන්නා බවට ගොවියන්ට පොරොන්දු වී තිබුණි.

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ අසාර්ථක වීම හේතුවෙන් මේ වන විට මහාපරිමාණ මෝල් හිමියන් නාඩු කිලෝව රුපියල් 90 ක මිලකට ගෙන යන බව වාර්තා වේ.

වී මිලදී ගැනීම සදහා රාජ්‍ය බැංකු වී අලෙවි මණ්ඩලයට ණය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම මේ අර්බුදයට හේතුවයි.

සතොස හරහා වී මිලදී ගැනීමට සාකච්ඡා පැවැත්වෙමින් තිබුනද සතොස සතුව වී ගබඩා කිරීම සදහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙන් ඒ වැඩ පිළිවෙළද අසාර්ථක වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − 11 =