යටියන්තොට සමුපකාර ඡන්දය
පොහොට්ටුවෝ දිනති..!
යටියන්තොට සමුපකාර ඡන්දය ඉහළින්ම ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය සහයෝගය ලබා දෙන කණ්ඩායමට හැකිවී ඇතැයි වාර්තා වේ.
මෙය පොහොට්ටු පක්ෂයට විශේෂ අවස්ථාවක් වන්නේ පසුගිය වකවානුව තුළ පැවති කිසිදු සමුපකාර ඡන්දයක් ජය ගැනීමට ඔවුන් අසමත් වූ බැවිනි.
මෑත කාලය තුළ පැවති සමුපකාර ඡන්ද බහුතරයක ජය මාළිමාව හෝ ටෙලිෆෝනයේ සහාය ලබා දෙන කණ්ඩායම් විසින් අත්කර ගනු ලැබී ය.