‘යට ඇදුම පිටින්
බේරේ වැවෙන් ගොඩට ආපු
පොහොට්ටු නායකයෝ
දැන් පිස්සු කියවනවා.’
පාලිත රංගේබණ්ඩාර.
පසුගිය දා පොහොට්ටු පක්ෂය විසින් කළුතර සංවිධානය කර තිබුණු ජන හමුවකදී ඊට සහභාගී වූ පොහොට්ටු ප්‍රබලයන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අරඹයා පළකරන ලද අදහස් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ දැඩි දෝශදර්ශනයට ලක්ව තිබේ.
එම ජන හවුවේදී පොහොට්ටු නායකයන් කියා සිටියේ රනිල් දැන් යහමගට පැමිණ ඇති බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් පාලිත රංගේබණ්ඩාර එජාප මහලේකම්වරයා පොහොට්ටු සාමාජිකයන්ට බේරේ වැවට පනින්න සිද්ධ වූ ඒ කුප්‍රකට සිදුවීම සිහිපත් කරයි.
පුනරුත්ථාපනය විය යුත්තේ යට ඇදුම පිටින් බේරේ වැවෙන් ගොඩ ආ පොහොට්ටු නායකයන් මින ජනාධිපති රනිල් වික්‍රමසිංහ නොවන බව ඔහු පවසයි.
අදටත් රට පවතින්නේ දැඩි අර්බුදයක බව පවසන එජාප මහලේකම්වරයා ආණ්ඩුවේ නායකයන්ට හැංගී සිටීමට සිදුව තිබුණු බවත් තත්ත්වය වෙනස් වූවේ රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ ඊට කරගැසූ නිසා බවද කියයි.