යතුරු පැදියකින් පැමිණ ටී පනස් හයකින් වෙඩි තබයි. දෙදෙනෙක් මරුට. තවත් අයෙකුට බරපතලයි.

0
1178

යතුරු පැදියකින් පැමිණ
ටී පනස් හයකින් වෙඩි තබයි.
දෙදෙනෙක් මරුට.
තවත් අයෙකුට බරපතලයි.


යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු, ටී පනස් හය ගිනි අවියකින් කළ වෙඩි තැබීමකින්, පුද්ගලයන් දෙදෙනෙකු මියගොස්, තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව පැවසේ.

සිද්ධිය වාර්තා වන්නේ අවිස්සාවේල්ලෙනි. අද අළුයම මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

මළ ගෙදරකට ගොස් ත්‍රීරෝද රථයකින් ආපසු එමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, අපරාධකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමක් ද සිදුව නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 2 =