යන්න කලින් ඉල්ලුවත්,
ඩුබායිහී දී ගෝඨාභයට
හිටපු ජනාධිපතිවරයෙකුට ලැබෙන
ගෞරව සැලකිලි ලබා නොදෙයි.
දෙසැම්බර් මාසයේ විසිපස්වන දා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටව ගොස් ඇති බව වාර්තා විය.
කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය මෙතෙක් ඔහුට වීසා ලබා දී නැත.
හිටපු ජනාධිපතිවරයා පිටව ගොස් ඇත්තේ ඩුබායි බලා බව පසුව තහවුරු විය.
ඩුබායි බලා පිටව යාමට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඩුබායි හී දී ඔහුට හිටපු ජනාධිපතිවරයෙකුට ලැබිය යුතු ගෞරව වරප්‍රසාද ලබා ගැනීමට අපේක්ෂා කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.
එම වරප්‍රසාද අතරට ඩුබායි හී ඔහු ගොඩබසින ගුවන් තොටුපලින් පිටවීමේදී ප්‍රභූ මගී පර්යන්තය සහ විවේකාගාරය භාවිතා කිරීමට අවසර ලබා දීමත් ඒ සදහා කිසිදු මුදලක් අය නොකරන ලෙසටත් ඉල්ලුම් කර තිබෙන බව පැවසේ.
පුවත්පත වාර්තා කරතිබෙන ආකාරයට ප්‍රභූ පර්යන්තය සහ විවේකාගාරය භාවිතා කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉඩ ලබා දී ඇත්තේ ඒ සදහා ගෙවීම් සිදුකිරීමෙන් පසුවයි.
ප්‍රභූ පර්යන්තය භාවිතා කිරීම වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් රුපියල් දෙලක්ෂ හැට දහසක මුදලක් ගෙවා ඇති බව පැවසේ.
රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් ඩොලර්වලින් නොව අදාල මුදල රුපියල්වලින් ගෙවීමේ අවස්ථාව ගෝඨාභය රාජපක්ෂට ලබා දී තිබේ.
ඩුබායිහීදී ගෝඨාභය රාජපක්ෂ මහතාට හිටපු ජනාධිපතිවරයෙකුට ලැබෙන ගෞරවය සහ වරප්‍රසාද ලබා නොදීමට තීරණය කර තිබෙන්නේ කොරෝනා වසංගතයට ගොදුරු ව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ ආදාහනය කිරීම සදහා බලකිරීම හේතුවෙන් යැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් පුවත්පත වාර්තා කරයි.