‘යාල යකා නටා ඇති එක් අයෙක් පොහොට්ටු මන්ත්‍රීවරයෙක්ගේ පුතෙක්. තවත් අයෙක් ඇමතිවරයෙක්ගේ බෑණා කෙනෙක්..!’ අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි.

0
480

‘යාල යකා නටා ඇති එක් අයෙක්
පොහොට්ටු මන්ත්‍රීවරයෙක්ගේ පුතෙක්.
තවත් අයෙක් ඇමතිවරයෙක්ගේ
බෑණා කෙනෙක්..!’
අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි.

යාල වනෝද්‍යානය තුළ සතුන්ට කරදරවන ආකාරයට නොසැලකිලිමත් ලෙස ජීප් රථ ධාවනයේ යෙදුණු කණ්ඩායම මෙහෙයවා ඇති ප්‍රධාන පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙක් පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරයෙක්ගේ පුතෙක් බව ද අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි.

පුවත්පත අනෙක් පුද්ගලයා ඇමතිවරයෙක්ගේ බෑණා කෙනෙකි.

වනජීවී දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියෙකුගෙන් ලබා ගත් තොරතුරු මත පුවත්පත මේ බව වාර්තා කර තිබේ. කෙසේ වෙතත් අදාල දේශපාලනඥයන් දෙදෙනා කවුරුන්ද යන්න නිශ්චිතව හෙළි කර නැත.

මුලදී වාර්තා වූවේ සිදුවීමට වනජීවී අමාත්‍යවරයා වන මහින්ද අමරවීර මහතාගේ පුත්‍රයා සම්බන්ධ බවයි. කෙසේ වෙතත් අයිලන්ඩ් පුවතට අනුව නම් සිද්ධියට අමාත්‍යවරයෙකුගේ පුතෙකු සම්බන්ධ නැත. නමුත් අමාත්‍යවරයෙකුගේ බෑණා කෙනෙකු සම්බන්ධ බව පැවසේ.

එමෙන්ම පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ පුත්‍රයෙකුද ඒ අතර සිටින බව පුවත්පත කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + seventeen =