යාල වනෝද්‍යානයේ සත්තු වගේ හැසිරුණු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනපති උපදෙස් දෙයි.

0
312

යාල වනෝද්‍යානයේ
සත්තු වගේ හැසිරුණු පිරිසට එරෙහිව
නීතිය ක්‍රියාත්මක කරන්නැයි
ජනපති උපදෙස් දෙයි.

යාල ජාතික වනෝද්‍යානය තුළ නොසැලකිලිමත් ලෙස ජීප් රථ ධාවනයේ යෙදුණු පුද්ගලයන් හත් දෙනෙකු සහ එම අවස්ථාව වීඩියෝගත කළ පුද්ගලයන් දෙදෙනෙකු- අද වනෝද්‍යාන නිළධාරීන් වෙත භාර වී තිබේ.

ඊට අමතරව සිද්ධියට අදාල ජීප් රථ හතක්ද අත් අඩංගුවට ගෙන ඇති අතර අත් අඩංගුවට ගත් ජීප් රථ සහ වනෝද්‍යාන නිළධාරීන් වෙත භාර වූ පුද්ගලයන් පිරිස තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල බළධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව යමින් සිද්ධියට සම්බන්ධ සියළු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස වනජීවී සහ වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − thirteen =