යාල සිද්ධියට
ඇමති මහින්ද අමරවීරගේ
ඥාතී පුත්‍රයා අත්අඩංගුවට.
යාල වනෝද්‍යානය තුළ සතුන්ටත් පරිසරයටත් හිංසාකාරීවන ලෙස ජීප් රථ ධාවනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර ගේ සහෝදරයාගේ පුත්‍රයා ඊයේ දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.
සැකකරු ජීප් රථයක් පදවාගෙන ගොස් තිබුණද සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශ්වකරුවෙකු වීම හේතුවෙන් අත් අඩංගුවට ගත් බව පැවසේ.
වනෝද්‍යානයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසුව අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.