යුද්ධයේ දී මියගිය දෙමළ ජාතිකයන් සිහිකිරීමට
බාධා නොකිරීම පිළිබදව
ටී.එන්.ඒ මන්ත්‍රී ජනපති රනිල්ට තුති පුදයි..!
යුද්ධයෙන් මිය ගිය දෙමළ ජාතිකයන් සිහි කිරීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බාධා නොකරන බව ද්‍රවිඩ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අදෛකාලනාදන් පවසා තිබේ.
යුද්ධයේ දී මියගිය ද්‍රවිඩ ජාතිකයන් සිහිකිරීම සදහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඉඩ නොදුන් බවද ඔහු පවසා තිබුණි.
යුද්ධයේ දී මිය ගිය ද්‍රවිඩ ජාතිකයන් සිහි කිරීමේ උත්සව කිහිපයක් ඊයේ දිනයේ දී උතුරු නැගෙනහිර පවත්වා ඇති අතර අවස්ථා කිහිපයකදී හැරෙන්නට ඒ සදහා බාධා එල්ල නොවූ බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැසසුම් ද එක් කරමින් මන්ත්‍රී වරයා පවසා තිබුණි.
යුද්ධයේ දී දිවිපිදූ ද්‍රවිඩ ජාතිකයන් සිහි කිරීමේ මහවිරු සැමරුම නොවැම්බර් මාසයේ 27 වන දාට යෙදී තිබුණු අතර මන්ත්‍රීවරයා සදහන් කර තිබෙන්නේ ඒ පිළිබදවයි.