“යුද්ධය දැන්
රුසියාව තුළට පැමිණෙමින් තිබේ…!”
මොස්කව් නුවරට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයට පසුව
යුක්රේන ජනාධිපති කියයි.
දැන් රුසියාව තුළට යුද්ධය පැමිණෙමින් තිබෙන්නේ යැයි, මොස්කව් නුවරට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයට පසුව, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා තිබේ.
රුසියානු දේශසීමා තුළට පහර දීම, යුද්ධයේ නොවැලැක්විය හැකි, ස්වභාවික සහ පරම සාධරණීය ක්‍රියාවලියක් බව යුක්රේන ජනාධිපතිවරයා පවසයි.
යුක්රේනය විසින් මොස්කව් නුවරට පහර දීම සදහා එවන ලද ඩ්‍රෝන යාත්‍රා තුනක් කඩා වැටී ඇති බව පවසන රුසියානු ආරක්ෂක අංශ, ඉන් දෙකක්, මොස්කව් හී පිහිටි කාර්යාල පද්ධති දෙකකට කඩා වැටී ඇති බව පවසයි.
රුසියානු හමුදාවන් විසින් යුක්රේනයට එරෙහි යුද්ධය දියත් කර අදට හරියටම දින 522 කි.