යුද්ධය සදහා කැදවීමට විරෝධයට පා
දහස් ගණනක් රුසියානුවෝ රට හැර යති..!
යුක්රේන රුසියානු යුද්ධය සදහා – දැන හමුදා සේවයේ නිරතව සිටින පිරිසට අමතරව – තවත් ලක්ෂ තුනක පමණ පරිසක් සම්බන්ධ කර ගැනීම අවශ්‍ය බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් ප්‍රකාශ කිරීමත් සමග රුසියානුවෝ දහස ගණනින් රුසියාව හැර යාමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.
වීසා බලපත්‍ර නොමැතිව රුසියානුවන්ට ඇතුළු විය හැකි එකම රට ජෝර්ජියාව වන අතර මේ වන විට ජෝර්ජියා දේශසීමාවේ සැතපුම් තු-නක් පමණ දිගු වාහන පෝලිම් දක්නට ලැබෙන බව පැවසේ.
රට හැර යාමට වැඩිම පෙළඹවීමක් ඇත්තේ යුද්ධයට කැදවිමේ වැඩි අවදානමක් සහිත පුරවැසියන් ය.
ජෝර්ජියාවට අමතරව ෆින්ලන්තයට සහ ඉස්තාන්බුල් වෙත ද රුසියානුවෝ පලා යමින් සිටින බව පැවසේ.
පුටින්ගේ තීරණයට එරෙහිව රටින් පලා එන රුසියානුවෙන් සාදරයෙන් පිළිගන්නා බව ජර්මනිය පවසා තිබේ.
රුසියානු ජනාධිපති පුටින් යුක්රේන යුද්ධය සදහා ජනතාව කැදවන බව නිවේදනය කිරීමත් සමග යුද විරෝධීන් දහස් ගණනින් වීදි බැස තිබුණු රුසියානු හමුදා විසින් විරෝධතාකරුවන් එක්දහස් තුන්සියයක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.