යුදෙව්වන් සොයමින් කෝපාවිෂ්ඨ රුසියානුවෝ ගුවන් තොටුපලකට කඩා වදිති..!

0
1356

යුදෙව්වන් සොයමින්
කෝපාවිෂ්ඨ රුසියානුවෝ
ගුවන් තොටුපලකට කඩා වදිති..!

යුදෙව් විරෝධී සටන් පාඨ කියමින්, විශාල ජන සමූහයක්, රුසියාවේ ඩැගෙස්තාන් ගුවන්තොටුපලට කඩා වැදීමේ පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ටෙල් අවීව් සිට ඩැගෙස්තාන් බලා පැමිණි ගුවන් යානයක සිටිය හැකි බවට සැක කරන යුදෙව්වන් සොයමින් කෝපාවිශ්ෂ පිරිසක් ගුවන් තොටුපල හරහා දිව යන දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

සමහරු, ධාවන පථය වෙත ගොස් අදාල ගුවන් යානය වට කර තිබෙන බවද වාර්තා වේ.

ගුවන් තොටුපළ ආරක්ෂක අංශ තත්ත්වය පාලනය කර ගැනීමට සමත්ව තිබෙන අතර, කෙසේ වෙතත්, අදාල ගුවන් තොටුපළ හෙට දිනය දක්වා වසා තැබීමට කටයුතු කර තිබේ.

රුසියාවට පැමිණෙන සිය රටවැසියන් ඇතුළුව සෑම යුදෙව්වෙකුගේම ආරක්ෂාව තහවුරු කරන ලෙස ඊශ්‍රායල බලධාරීන් රුසියාවෙන් ඉල්ලා ඇති බව පැවසේ.

ඩැගෙස්තාන් යනු, මුස්ලිම් බහුතරය ජීවත්වන ප්‍රදේශයකි.

යුදෙව්වන්ට එරෙහිව රුසියාව තුළ පැන නැගුණු මෙම විරෝධය එක්සත් ජනපදය හෙලා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඩැගෙස්තාන් හී ආණ්ඩුකාරවාරය මැර කණ්ඩායමේ හැසිරීම හෙලා දැක තිබේ.

තම ප්‍රදේශයට පැමිණෙන ආගන්තුකයන්ගේ විදෙස් ගමන් බලපත්‍ර පරීක්ෂා කරමින් ඔවුන්ට හිරිහැර කිරීම නොකළ යුත්තක් බව ඔහු පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + 6 =