‘යෝජිත ප්‍රතිත්‍රස්ත පනත හකුලා ගනු..!’ හියුමන්රයිට් වොච්

0
183

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත හකුලා ගනු..!
හියුමන්රයිට් වොච් –

යෝජිත ප්‍රතිත්‍රස්ත පනතින්, මූලික මිනිස් අයිතිවාසිකම් ක්‍රමාණුකූලව උල්ලංඝණය කිරීමේ බලය බලධාරීන්ට ලබා දෙන බව හිහුමන්රයිට් වොච් සංවිධානය පවසයි.

ඒ අනුව, යෝජිත ප්‍රතිත්‍රස්ත පනත වහා ඉල්ලා අස්කරගත යුතු බව හියුමන් රයිට් වොච් සංවිධානය යෝජනා කරයි.

එමෙන්ම, රජය, ඕනෑම ත්‍රස්තවිරෝධී පනතක් හදුන්වා දෙන්නේ නම්, එම පනත ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල විය යුතු බවද ඔවුන් පවසයි.

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහිව දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද දැඩි විවේචන එල්ල වී තිබුණු අතර, එම පනත අහෝසි කර ඒ වෙනුවට අළුත් පනතක් ගෙන එන බවට රජය පොරොන්දු වී තිබුණි. නමුත්, පැවති පනතේ දුර්වලතා නිවැරදි කරනවා වෙනුවට, දේපළ හානිය, සොරකම හා මංකොල්ලකෑම වැන අපරාධ ද ඇතුළත්වන පරිදි ත්‍රස්තවාදය යන්න නව පනතින් යළි අර්ථකතනය කර තිබෙන අතර, රැස්වීමේ හා භාෂණයේ නිදහසටද ඒ මගින් සීමා පමුණුවා ඇත.

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත, සාමකාමී විවේචකයන් නිහඩ කිරීමට මෙන්ම සුළු ජාතිකයන්ට එරෙහි ක්‍රියාමාර්ග තවදුරටත් ගැනීමේ අවසරය ශ්‍රී ලංකා රජයට ලබා දී ඇති බව හියුමන්රයිට් වොච් සංවිධානය පවසයි.

විරෝධතා මර්දනය කිරීම සදහාත්, විරෝධතාකරුවන් අත්තනෝමතික ලෙස රදවා තබා ගැනීම සදහාත්, ප්‍රති ත්‍රස්ත පනත භාවිතා කිරීමේ අවදානම නොවෙනස්ව ඇති බව හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

7 + nine =