යෝෂිතට එරෙහි විමර්ශන
යළි ආරම්භ වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් යෝෂිත රාජපක්ෂට එරෙහිව විමර්ශන යළි ආරම්භ කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට විමර්ශන අරඹා ඇත්තේ යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදා නිළධාරියෙකු ලෙස කටයුතු කළ අවධියේ ඔහු විදේශ පුහුණුව සදහා නිර්දේශ ලබා ගත් ආකාරය සම්බන්ධයෙනි.
අදාල විමර්ශන පිළිබද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව දැඩිව මුනිවත රකින බවද පුවත්පත චෝදනාත්මකව සදහන් කර තිබේ.