රංගේ ට ආණ්ඩුකාර ධූරයක්.
රවීට මහලේකම් ධූරය.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරය සදහා හිටපු අමාත්‍යවරයෙකු වන රවි කරුණානායක පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
මේ සදහා පක්ෂයේ බහුතර එකගතාවය ලැබී ඇති අතර ජනාධිපතිවරයාද ඊට සිය එකගතාවය පළකර තිබෙන බව වාර්තා වේ.
මේ අතර දැනට පක්ෂයේ මහලේකම්ධූරය උසුලනු ලබන පාලිත රංගේබණ්ඩාර මහතා ආණ්ඩුකාරවරයෙකු ලෙස පත් කිරීමට නියමිත බව පැවසේ.
පොහොට්ටු පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වී එම පුරප්පාඩුව සදහා රවී කරුණානායක මහතා පත්වීමට සැලසුම් කර තිබෙන බව පසුගිය සතියේ ප්‍රධාන පුවත්පතක් වාර්තා විය.