“රජයේ ගොඩනැගිලි අත්පත් කර ගැනීම
ත‍්‍රස්ත ක‍්‍රියාවක් ලෙස සලකා
ඒ සදහා අනුබල දෙන දේශපාලන පක්ෂ සහ සංවිධාන
තහනම් කිරීමේ සූදානමක්..!”
සන්ඬේ ටයිම්ස් වාර්තා කරයි.
ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රම භාවිතා කරමින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට හෝ රාජ්‍ය ගොඩනැගිලි අත්පත් කර ගැනීමට උත්සාහ දරන ඕනෑම කණ්ඩායමක්, දේශපාලන පක්ෂයක් හෝ සංවිධානයක් තහනම් කිරීම පිළිබදව රජය සලකා බලමින් සිටින බව රජයේ ජ්‍යේෂ්ඨ නිළධාරියෙකු උපුටා දක්වමින් සන්ඬේ ටයිම්ස් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර තිබේ.
අගෝස්තු නම වන දා නැවතත් කොළඹ වැටලීමට සැලසුමක් ඇති බවට අනතුරු ඇගවීම් ලැබී ඇති බැවින්, මේ පිළිබදව රජයේ අවධානය බරපතල ලෙස යොමු වී ඇති බව පැවසේ.
රජයේ ගොඩනැගිලි හෝ පරිපාලන මධ්‍යස්ථාන අත්පත් කර ගැනීම සහ පොදු දේපළවලට හානි කිරීම ත‍්‍රස්තවාදී කි‍්‍රයා ලෙස සැලකිය හැකි බව අදාල නිළධාරියා සන්ඬේ ටයිම්ස් පුවත්පත සමග පවසා තිබේ.
එවැනි කි‍්‍රයාකාරකම් සදහා ආධාර අනුබල ලබා දෙන ඕනෑම සංවිධානයක් හෝ දේශපාලන පක්ෂයක් තහනම් කිරීමේ හැකියාව පිළිබදව මහජන ආරක්ෂක අමාත්‍යංශය උපදෙස් ලබාගෙන ඇති බව තමන්ට වාර්තා වී ඇතැයි, සන්ඬේ ටයිම්ස් පවසයි.
කෙසේ වෙතත්, මේ දැඩි පියවර, සාමකාමී උද්ඝෝෂණ සදහා අදාල නොවන බව අදාල නිළධාරියා පැවසී යැයි සන්ඬේ ටයිම්ස් වාර්තා කරයි.
මේ අතර, අරලිය ගහමන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග‍්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති මන්දිරයට කඩා වැදී ඒවා තුළ තිබුණු දේපළ සොරකම් පිරිස් සම්බන්ධයෙන් විමර්ෂණ අරඹා ඇති අතර, භාණ්ඩ සොරකම්කිරීමට හා පොදු දේපලවලට හානි කිරීම සම්බන්ධ වූ පිරිස් අත් අඩංගුවට ගැනීමට හේතුවන තොරතුරු ලබා දෙන අයට, මුදල් ත්‍යාග පිරිනැමීමට පොලිසිය සැලසුම් කර තිබෙන බවද වාර්තා වේ.
රාජ්‍ය ගොඩනැගිලි වෙත කඩා වැදුනු පුද්ගලයන්ට එරෙහිව වෙනම චෝදනා ගොනු කිරීමට රජය කටයුතු කරමින් සිටින බව ද වාර්තා වේ.