‘රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලිපිය
ජනතාව නොමග යවන සුළුයි.
ඡන්දය නිසි පරිදි පැවැත්වෙනවා.’
නිමල්පුංචිහේවා.
පලාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සදහා අවශ්‍ය ගැසට් නිවේදනය, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්ගේ අත්සනින් යුතුව, මේ දක්වා රජයේ මුද්රණාලය වෙත ලැබී නැති බව පවසමින් විශේෂ ලිපියක් ඊයේ දිනයේ දී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍යයට නිකුත් කර තිබුණි.
මෙම ලිපිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අදහස ද අයිලන්ඩ් පුවත්පත විමසා ඇති අතර, සභාපතිවරයා පවසා ඇත්තේ, එම ලිපිය ජනතාව නොමග යවනසුළු ලිපියක් බවයි.
සැලසුම් කර තිබෙන පරිදි පලාත්පාලන මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ඇදී යන බවත් කොමිසමේ සාමාජිකයන් බිය වැද්දීමෙන් එය නවතාලිය නොහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසා තිබේ.