රජයේ පාලන මිල පිළිගන්න බෑ.
බිත්තර නිෂ්පාදකයෝ කියති.
රජය පනවා ඇති පාලන මිලට බිත්තර අලෙවි කළ නොහැකි බව සමස්ත ලංකා කුකුළු කර්මාන්තකරුවන්ගේ සංගමය නිවේදනය කරයි.
ඒ අනුව රුපියල් 55 ට අඩු මුදලකට බිත්තර අලෙවි නොකරන ලෙස සමස්ත ලංකා කුකුළු කර්මාන්තකරුවන්ගේ සංගමය සිය සාමාජිකයන්ට දැනුම් දී තිබේ.
පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය මගින් සෑම මසකම බිත්තරයක නිෂ්පාදන පිරිවැය ගණනය කරන බව පවසන ලංකා කුකුළු කර්මාන්තකරුවන්ගේ සංගමය මේ මාසයේ ගණනය කිරීම්වලට අනුව බිත්තරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 49-50 අත් අතර අගයක් ගනී.
එසේ තිබියදී සුදු බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 43 ක් සහ දුඹුරු බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල රුපියල් 45 ක් ලෙස පාරිභෝගික සේවා අධිකාරිය උපරිම මිල පාලනයක් පනවා තිබේ.