රජයේ බදු සංශෝධනය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙනී සිටියි…!

0
342

රජයේ බදු සංශෝධනය වෙනුවෙන්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙනී සිටියි…!

දැඩි ජනතා අප්‍රසාදයකට ලක්ව තිබෙන රජයේ නව බදු සංශෝධනය, රජය විසින් ගනු ලැබ තිබෙන යහපත් පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබේ.

ලංකාවේ ප්‍රධාන අර්බුදය වන්නේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් ලෙස ආදායම් නොලැබීමයි.

2021 වසරේ දී දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම 7.3% කි. එය ලෝකයේ අනෙකුත් රටවල් හා සසදා බැලීමේ දී අඩු බදු එකතු කිරීමකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ රජයේ ආදායම් වියදම් අතර ඇති මෙම පරතරය පියවීම සදහා මූල්‍ය පහසුකම් ලබා දීමට භාහිර ණය හිමියන් කැමති වන්නේ නැත.

ඒ අනුව රජයේ ආදායම් ඉහළ නංවා ගැනීම සදහා බදු සංශෝධනය අත්‍යවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහසයි. එමෙන්ම මෙම බදු සංශෝධනය ලංකාව සම්බන්ධයෙන් ණය හිමියන්ගේ විශ්වාසය නැවත දිනා ගැනීමට ද උපකාරී වනු ඇත.

බදු සංශෝධනය යටතේ හදුන්වා දී තිබෙන පුද්ගලික ආදායම් බදු අනුපාතය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කරන බවද එම සංවිධානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 3 =