රජයේ වැඩපිළිවෙළ අනුමත කරන්නේ ජනගහනයෙන් 10% ක් පමණයි..! වෙරිටේ රිසර්ච් කියයි.

0
323

රජයේ වැඩපිළිවෙළ අනුමත කරන්නේ
ජනගහනයෙන් 10% ක් පමණයි..!
වෙරිටේ රිසර්ච් කියයි.


වත්මන් රජයේ වැඩපිළිවෙල අනුමත කරන්නේ ජනගහනයෙන් 10% ක ප්‍රතිශතයක් පමණක් බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

වෙරිටේ රිසර්ච් නම් ආයතනය මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

මෙය 2022 ජනවාරි මාසයේ දී රට තුළ පැවති තත්ත්වයට සමානය. එම අවස්ථාව වන විටද එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ වැඩ පිළිවෙළ අනුමත කර තිබුණේ 10% ක ප්‍රතිශතයක් පමණි.

ඉන් පසුව ජූනි මාසය වන විට එය 3% දක්වා පහත වැටී තිබුණු අතර ජූලි මාසයේ දී පැවති රජයට එරෙහිව පැන නැගුණු දැවැන්ත මහජන විරෝධය මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලා ගියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × three =