“රජයේ සේවකයන්ට
දහ දාහේ දීමනාව ලැබෙන්නේ
අප්‍රේල් සිට..!”
ජී.එල්.
රජයේ සේවකයන්ට රුපියල් දස දහසක ජීවන වියදම් දීමනාවක් ලබා දීමට, මෙවර අයවැය මගින් යෝජනා කර තිබේ.
කෙසේ වෙතත්, මෙම දීමනාව, රජයේ සේවකයන්ට ලැබෙන්නේ, අප්‍රේල් මාසයේ සිට යැයි මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
විශ්‍රාමිකයන්ට ලබා දෙන රුපියල් දෙදහස් පන්සියයක අමතර දීමනාව ලබා දෙන්නේ ද අප්‍රේල් මාසයේ සිට යැයි මහාචාර්යවරයා වැඩිදුරටත් සදහන් කරයි.
අප්‍රේල් දක්වා වූ කාලය තුළ, වැට් බදු ප්‍රතිශතය ඉහළ දැමීම සදහා මේ දක්වා වැට් අය නොකළ භාණ්ඩ හා සේවා වැට් බද්දට යටත් කිරීම වැනි ජීවන වියදම විශාල ලෙස ඉහළ යාමට බලපාන තීරණ රැසක් රජය ගෙන තිබෙන බව මහාචාර්යවරයා චෝදනා කරයි.