රටට ඩොලර් හොයා දෙන්නට
රවීත් යුහුසුළු වේ…!
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රවි කරුණානායක මහතා හෙලිකොප්ටර් යානයක නැගී උතුරේ සංචාරයක නිරත වීම පසුගිය සතියේ කිසියම් ආන්දෝලනයක් රට තුළ ඇති කිරීමට සමත් විය.
හිටපු අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ ඒ මොහොතේ පැහැදිලි වී නොතිබුණු අතර, තමන් උතුරේ සංචාරය කිරීමේ හේතුව ඔහු අද දිනයේ දී හෙළි කර තිබුණි.
ඒ අනුව, රවී කරුණානායක මහතා උතුරේ සංචාරය කර තිබෙන්නේ, ආයෝජන ව්‍යාපෘති කිහිපයක් පිළිබදව සොයා බැලීම සදහා ය.
මේ මොහොතේ රටට ඩොලර් අවශ්‍ය බව ඔහු පවසා තිබුණි.
එමෙන්ම, තමන් රජයේ නිළධාරියෙකු නොවන බැවින්, හෙලිකොප්ටයකින් උතුරට පැමිණීමේ වරද කුමක්දැයි, ඒ පිළිබදව මාධ්‍ය වේදියෙකු ප‍්‍රශ්න කළ අවස්ථාවේ හිටපු අමාත්‍යවරයා පවසා තිබුණි.