රටට නායකත්වය දෙන්න තවත්නම් ශක්තිය නෑ. ඒ නිසා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වනවා. 42 හැවිරිදි නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය කියයි.

0
248

රටට නායකත්වය දෙන්න තවත්නම් ශක්තිය නෑ.
ඒ නිසා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වනවා.
42 හැවිරිදි නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය කියයි.

තමන් ලබන පෙබරවාරි මාසයේ දී අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට තීරණය කළ බව ජසින්ඩා ආර්ඩේන් මහත්මිය පවසයි.
ජසින්ඩා ආර්ඩේන් දෙවරක් නවසීලන්ත අග්‍රාමාත්‍ය ධූරය සදහා තේරී පත් වූවා ය.

අසීරු මංසන්ධීන් කිහිපයක් මැද්දෙන් නවසීලන්තය ඉදිරියට ගෙන යාමට ඈ සමත් වූවා ය.

ඉන් ප්‍රධානතම අභියෝගය වූවේ කොවිඩ් වසංගතයයි.
අනෙක 2019 මාර්තු මාසයේ සිදු වූ ක්‍රයිස්ට් චර්ච් ත්‍රස්ත ප්‍රහාරයයි.

තමන් ධූරයෙන් ඉවත්වන්නේ ඊළග මැතිවරණය ජයග්‍රහණය කිරීමේ සැකයක් ඇති නිසා නොවන බවත් එම මැතිවරණයද කම්කරු පක්ෂයට ජයගත හැකි බවත් ඇය පවසයි.

රටටත් පක්ෂයටත් නායකත්වය දීම සදහා තවදුරටත් තමන්ට ශක්තිය ඇතැයි නොසිතන නිසා පමණක් තමන් මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කළ බවද ඇය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

12 − eight =