රටතුළ බරපතල අක්ෂිකාච හිගයක්..!

0
129

රටතුළ
බරපතල
අක්ෂිකාච
හිගයක්..!

රට තුළ බරපතල අක්ෂිකාච හිගයක් ඇති බව වාර්තා වේ.

මෙම අක්ෂිකාච, ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සදහා මෙන් ම පෙනීමේ සංකූලතා සදහා සිදුකරන ප්‍රතිකාර සදහා ද අවශ්‍ය ය.

වෛද්‍ය සැපයුම් අංශයේ මෙන්ම රෝහල් පද්ධතිය තුළ ද මේ වන විට අක්ෂිකාච හිගය පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින මෑතක දී හදුන්වා දුන් “ස්වස්ථා” වෙබ් අඩවියෙන් පෙන්නුම් කරයි.

පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අක්ෂිකාච මිලදී ගැනීම සදහා රුපියල් ලක්ෂ අනූවක මුදලක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් වෙන්කර තිබේ.

කෙසේ වෙතත්, දැනට පවතින සීමිත තොග සැත්කම් සදහා යොදාගනිමින් සිටින නිසා, තවදුරටත් අවශ්‍ය අක්ෂි ශල්‍යකර්ම සිදුකරමින් තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 − 4 =