“රටවල් හතක සංචාරකයන්ට වීසා නැතිව ලංකාවට එන්න අවසර..!” හරීන්ගේ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වේ.

0
3335

රටවල් හතක සංචාරකයන්ට
වීසා නැතිව ලංකාවට එන්න අවසර..!
හරීන්ගේ යෝජනාවට
කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවේ.

ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවල සංචාරකයන්ට, වීසා නොමැතිව මෙරටට ඇතුළු වීමේ අවස්ථාව ලබා දීමට රජය තීරණය කර තිබේ.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඊයේ දිනයේ දී කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙන අතර, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊට ලැබුණු බව පැවසේ.

මුල් අදියරේ දී නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර, එම නියමු ව්‍යාපෘතිය, 2024 වසරේ මාර්තු 31 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + 19 =