රටේ අලිගහනය 6000 ක්.
මේ වසරේ පමණක් අලි ඇතුන් 400 ක් මිය ගිහින්.
ඉන් 200 ක් මියගොස් ඇත්තේ අලිමිනිස් ගැටුම් හේතුවෙන්.
වසරේ මේ දක්වා කාලය තුළ අලි ඇතුන් හාරසීයයක් පමණ මියගොස් ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
ඉන් අලි ඇතුන් දෙසීය දෙනෙකු පමණ මියගොස් ඇත්තේ අලි මිනිස් ගැටුම හේතුවෙනි.
වන අලි විශාල ප්‍රමාණයක් මාර්ග අනතුරු සහ වෙඩි තැබීම් හේතුවෙන් මියගොස් තිබේ.
තවත් අලි ඇතුන් පිරිසක් විවිධ රෝග පීඩාවන්ට ගොදුරුව මියගොස් ඇති බව වාර්තා වේ.
රටේ සමස්ත අලි ගහනය හය දහසක් පමණ වන බවයි පැවසෙන්නේ.