රට බංකොලොත්..! ඒත් මැති-ඇමති රථගාය සුවනොවේ…!වාහන ඉල්ලා ප්‍රභූවරුන්ගෙන් ජනාධිපති ලේකම්කාර්යාලයට කරදර.

0
619

රට බංකොලොත්..!
ඒත් මැති-ඇමති රථගාය සුවනොවේ…!
වාහන ඉල්ලා ප්‍රභූවරුන්ගෙන්
ජනාධිපති ලේකම්කාර්යාලයට
කරදර.


ඔවුන් සතු වාහන සංචිතරයෙන් වාහන ලබා දෙන ලෙසට ඉල්ලමින්, මැති ඇමතිවරුන්ගෙන් නොකඩවා ඉල්ලීම් ලැබෙමින් පැවතීම හේතුවෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිළධාරීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

නිළ රථයක් ඉල්ලමින්, ජනාධිපති ලේකම්කාර්යාලයට මෑ.තකදීම ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයෙකි.

ඔහුගේ නිල රථය නඩත්තු කටයුත්තක් සදහා යවා ඇති බැවින්, අදාල රාජ්‍ය අමාත්‍යවරයාගේ භාවිතය සදහා වාහනයක් ලබා දෙන ඉල්ලමින්, අමාත්‍යංශ ලේකම්වරයා ජනාධිපතිලේකම් කාර්යාලයට ලිපියක් යොමුකර තිබෙන බව වාර්තා වේ.

මෙසේ ඉදිරිපත් වන ඉල්ලීම් සියල්ල සපුරාලීමට තරම් ප්‍රමාණවත් වාහන සංචිතයක් ජනාධිපති ලේකම් කාර්යාලය සතුව නැති බව පුවත්පත වාර්තා කර තිබේ.

ආර්ථික අර්බුදය සහ වාහන ආනයනය නවතා ඇති තත්ත්වයක් තුල පවා, නිල වාහන සදහා ඔවුන්ට තිබෙන අයිතිය පිළිබද හැගීම, මැති ඇමතිවරුන්ගෙන් සහ ඉහළ රාජ්‍ය නිළධාරීන්ගෙන් පහව ගොස් නැති බව ජනාධිපති ලේකම් කාර්යාල නිළධාරීන් උපුටා දක්වමින් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + sixteen =