රට බංකොලොත්…! සෑම පැයකටම රට වැසියෝ 32 ක් රට රස්සා සොයා රට හැර යති.

0
561

රට බංකොලොත්…!
සෑම පැයකටම රට වැසියෝ 32 ක්
රට රස්සා සොයා රට හැර යති.
බෝට්ටුවල නැගී රටින් පනින පිරිස්
මීට අයත් නැත.

රට බංකොලොත් වීමත් ඒ හා සම`ග ජනතාව මත කඩා වැටුණු ආර්ථික පීඩනයත් මධ්‍යයේ සෑම පැයකටම විදේශ රැුකියා සදහා පිටත්ව යාමට මෙරට පුරවැසියන් 32 ක් රටින් පිටව යන බව වාර්තා වේ.

මේ නීත්‍යනුකූලව ගුවන් මගින් විදෙස් ගත වන ප‍්‍රමාණය වන අතර, නීති විරෝධී ආකාරයට බෝට්ටුවල නැගී රට හැර පිරිසට අමතරවය.

පසුගිය වසරට සාපේක්ෂාව ගත් විට, මේ වසරේ මුල් මාස හය තුළ රට හැර යාමේ ප‍්‍රමාණය සිව් ගුණයකින් වැඩි වී තිබේ.

මහබැංකු දත්තවලට අනුව, මේ වසරේ ජූනි දක්වා ගෙවුණු සෑම දිනයකදීම පුද්ගලයන් 777 දෙනෙකුට වඩා වැඩි පිරිසක් රටින් පිටව ගොස් තිබේ. ඔවුන් සියල්ලන්ම පාහේ දුරබැහර ප‍්‍රදේශවල ජිවත් වූ වන් ය.

ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හෝ විදේශ රැුකියා ලබා දෙන වෙනත් ඒජන්සි හරහා නොව, බොහෝ ශ‍්‍රී ලාංකිකයන් දැන් තනිව රැුකියා සොයා ගන්නා බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − five =