රට බංකොළොත් කිරීමට එරෙහි නඩුව; මුදල් මණ්ඩලයේ රාණී ජයමහ සහ සංජීව ජයවර්ධනත් වගඋත්තරකරුවන් කරති.

0
388

රට බංකොළොත් කිරීමට එරෙහි නඩුව;
මුදල් මණ්ඩලයේ රාණී ජයමහ සහ
සංජීව ජයවර්ධනත් වගඋත්තරකරුවන් කරති.

රට බංකොලොත් කිරීමට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නිසි පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරියට ගෙන යාමට අවසර ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තර කරුවන් ලෙස නම්කර තිබෙන පිරිස අතරට තවත් දෙදෙනෙකුගේ නම් එකතු කරන ලෙස පෙත්සම්කරුවන්ට දැනුම් දී තිබේ.

අදාල දෙදෙනා වන්නේ මුදල් මණ්ඩල සාමාජිකයන් වන ආචාර්ය රාණී ජයමහ සහ ආචාර්ය සංජීව ජයවර්ධනයි.

පසුගිය මැයි 22 වන දා මහ බැංකු මුදල් මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැදවූ අවස්ථා වේ දී රාණී ජයමහ සහ සංජීව ජයවර්ධන විසින් කෝප් කමිටුවට ඉදිරිපත් කරන ලද සියළු තොරතුරු අධිකරණයට ලබා දෙන ලෙසද මුදල් මණ්ඩලයට නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුව විසින් නිකුත් කර තිබෙන වාර්තාවන්ට අනුව මුදල් මණ්ඩලයේ සහ මුදල් මණ්ඩල අනුකමිටු සදහා සහභාගී වූ අය අතරෙන් වැඩිම ගෙවීමක් ලබා ඇත්තේ රාණී ජයමහ සහ සංජීව ජයවර්ධනයි.

2020 ජනවාරි පළමු වැනිදා සිට 2022 ජූනි 30 දක්වා අතර කාලයේ දී අදාල රැස්වීම් සදහා සහභාගී වීම වෙනුවෙන් රාණි ජයමහ රුපියල් මිලියන 3ත22 ක් සහ සංජීව ජයවර්ධන රුපියල් මිලියන 2.72 ක් ලබාගෙන ඇති බව පැවසෙ.

මෙම පුවත ද මෝර්නිං පුවත්පතෙන් උපුටා ගන්නා ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 4 =