රට විරුවෝ එවන මුදල්වලට
බදු ගහනවා කියන කතාව බොරුවක්…!
මහබැංකුව කියයි.
විදෙස් ශ්‍රමිකයන් මෙරටට එවන ප්‍රේෂණ මත බදු අයකර ගැනීමට රජය සූදානම් වන බවට පැතිර යන පුවත අසත්‍යයක් බව මහබැංකුව නිවේදනය කරයි.
ප්‍රේෂණ මත බදු අය කිරීමට හෝ විදෙස්ගත ශ්‍රමිකයන් එවන විදේශීය මුදල් බලහත්කාරයෙන් දේශීය මුදල් බවට පරිවර්තනය කිරීමට හෝ රජය අදහස් නොකරන බව මහබැංකුව නිවේදනය කර තිබේ.
විදෙස්ගත ශ්‍රමිකයන් ඔවුන් මෙරටට එවන ප්‍රේෂණ මත රජය ලබා දෙන බවට පොරොන්දු වී ඇති ප්‍රතිලාභ කිසිවක් කප්පාදු නොකරන බවද මහබැංකුව පවසයි.