රෂ්ඩීට පිහියෙන් අනියි..!

0
995

රෂ්ඩීට පිහියෙන් අනියි..!


ලෝ ප්‍රකට ලේඛකයෙකු වන සල්මන් රෂ්ඩී දරුණු ප්‍රහාරයකට මුහුන දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු නිව්යෝර්ක් නුවර පැවති කිසියම් සාහිත්‍ය උත්සවයක සජීවී සම්මුඛ සාකච්ඡාවකට සහභාගීවෙමින් සිටියදී වේදිකාව මතට කඩා වැදුණු පුද්ගලයෙකු රෂ්ඩීගේ ගෙලට පිහියෙන් ඇන ඇති බව පැවසේ.

ඔහුගේ තත්ත්වය බරපතල නමුත් මේ වන තුරුත් ඔහු වෛද්‍යප්‍රතිකාර යටතේ සිටින බව පැවසේ.

සල්මන් රෂ්ඩී මරණ තර්ජන එල්ල වී සිටින ලේඛකයෙකි. සැටනික් වර්සස් හෙවත් සාතන්ගේ කවි නම් නවකතාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඔහුට මෙසේ මරණ තර්ජනය එල්ල වී තිබුණි.

සල්මන් රෂ්ඩී ඉන්දියාවේ මුම්බායි නුවර ඉපදුණු අතර දශක ගණනාවක් තිස්සේ පිටුවහලේ ජීවත්වන ලේඛකයෙකි.

ඔහුගේ මිඩ්නයිට් චිල්ඩ්රන් නවකතාව මැදියම් රැයේ දරුවෝ යන නමින් සිංහලයට පරිවර්තනය වී ඇති අතර එම නවකතාව ඇසුරෙන් චිත්‍රපටයක්ද නිර්මාණයක් වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + twelve =