රසායනික පොහොර තහනමේ අස්වැන්න…! 2021-2-022 මහකන්නයේ වී අස්වැන්න 50%කටත් වඩා අඩු වී තිබේ. සමීක්ෂණයකින් හෙළිවේ.

0
116

රසායනික පොහොර තහනමේ අස්වැන්න…!
2021-2-022 මහකන්නයේ වී අස්වැන්න
50%කටත් වඩා අඩු වී තිබේ.
සමීක්ෂණයකින් හෙළිවේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 වසරේ දී රසායනික පොහොර තහනම් කිරීමට ගනු ලැබූ තීරණයේ බලපෑමෙන්, 2021-2022 වසරේ මහ කන්නයේ වී අස්වැන්න 50%කටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇති බව සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි, ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර සිටියි.

රසායනික පොහොර තහනමේ බලපෑම පිළිබදව සොයා බැලීම සදහා හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ ආයතනය මගින් ඉහත සමීක්ෂණය සිදු කර තිබේ.

රසායනික පොහොර තහනම් කිරීමට පෙර 2020-2021 වසර වල මහකන්නයේ වී අස්වැන්න සහ රසායනිය පොහොර තහනම් කිරීමෙන් පසුව, 2021-2022 වසරේ මහ කන්නයේ වී අස්වැන්න සන්සන්දනාත්මකව ගණනය කිරීමෙන් පර්යේෂණ ආයතනය ඉහත නිගමයට පැමිණ තිබේ.

රසායනික පොහොර තහනම් කිරීමෙන් පසුව, සම්පූර්ණයෙන්ම කාබනික ගොවිතැනට මාරු වීම සුදුසු බව යෝජනා කර තිබුනේ ගොවියන්ගෙන් 3% ක් පමණි.

46% ක්ම සම්පූර්ණයෙන්ම රසායනික පොහොර කෙරෙහි පමණක් විශ්වාසය තබා තිබේ.

සමීක්ෂණය සිදුකර තිබෙන්නේ මහවැලි කලාප ඇතුළු වී ගොවිතැන් කරන දිස්ත්‍රික්ක 11ක ගොවීන් 625 දෙනෙක-ු යොදාගෙනයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 3 =