රසායනික පොහොර තහනමේ ප්‍රතිඵල එයි. 2021 ට සාපේක්ෂව 2022 තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 48 කින් පහත වැටේ.

0
76

රසායනික පොහොර තහනමේ ප්‍රතිඵල එයි.
2021 ට සාපේක්ෂව 2022 තේ නිෂ්පාදනය
කිලෝග්‍රෑම් මිලියන 48 කින් පහත වැටේ.

2022 වසරේ තේ අස්වැන්න 2021 වසරේ තේ නිෂ්පාදනයට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 48 කින් හෙවත් 16%කින් පහත වැටී ඇති බව වාර්තා වේ.

2022 වසරේ සමස්ත තේ නිෂ්පාදනය තේ කිලෝග්‍රෑම් මිලියන 251.50 කි. 2021 වසරේ දී තේ නිෂ්පාදනය තේ කිලෝග්‍රෑම් මිලියන 299.49 ක් වශයෙන් ඉහළ අගයක පැවතුණි.

2022 වසරේ ලැබී තිබෙන මෙම තේ අස්වැන්න වසර 26 කට පසුව ලැබුණු අඩුම තේ අස්වැන්න ලෙස සැලකේ.

තේ නිෂ්පාදනය 2022 වසරේ දී මෙසේ පහත වැටීමට ගෝඨාභය රාජපක්ෂ රජය ක්‍රියාත්මක කළ රසායනික පොහොර බලපා ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + 7 =