‘රාජපක්ෂවරු සිව් දෙනා
ජනතා අප්‍රසාදයේ ඉහළින්ම සිටිති.
කෙහෙළිය, ප්‍රසන්න සහ දිනේශ්
ඔවුන්ට පිටුපසින්.’
සමීක්ෂණයකින් හෙළි වේ.
වැඩිම ජනතා අප්‍රසාදයකට ලක්ව සිටින දේශපාලනඥයන් සිව් දෙනා වන්නේ බැසිල්, නාමල්, ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
ඔවුන් සිව්දෙනාට පසුව වඩාත්ම ජනතා අප්‍රසාදයක් ලබා ඇත්තේ, පිළිවෙලින් කෙහෙළිය, ප්‍රසන්න රණතුංග සහ දිනේශ් ගුණවර්ධනයි.
ජනපති රනිල් ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටින නමුත්, සජිත් ප්‍රේමදාසට හිමිව තිබෙන ජනතා අප්‍රසාදයට වඩා ඔහුට තිබෙන ජනතා අප්‍රසාදය ඉහළ අගයක් ගනී.
අනුර කුමාර දිසානායකටද ජනතා ප්‍රසාදයක් නැති නමුත් සජිත්ට තිබෙන තරමේ ජනතා අප්‍රසාදයක් ඔහුට නැත.
යම් තරමක හෝ ජනතා ප්‍රසාදයක් හිමිකරගෙන සිටින්නේ දේශපාලනඥයන් දෙදෙනෙකු පමණි. ඉන් එක් අයෙකු වන්නේ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ ය. අනෙක් තැනැත්තා චන්න ජයසුමයි.
ජනතා අප්‍රසාදයට ලක්ව සිටින්නේ ආචාර්ය හරිනී අමරසූරියයි.
ඩේලි එෆ්.ටී පුවත්පත පළකර තිබෙන මෙම රූප සටහන ඒ සම්බන්ධයෙන් වඩාත් පැහැදිලි රූපයක් ඔබට ලබා දෙනු ඇත.
සමීක්ෂණය සිදුකර තිබෙන්නේ institute for health policy නම් ආයතනයයි.
මහ මැතිවරණයක් පැවැත්වුහොත් ඉන් ජයගනු ලබන්නේ කවර පක්ෂය ද යන්න සොයා බැලීම සදහා ඔවුන් මීට පෙර සමීක්ෂණයක් සිදුකර තිබුනු අතර එහි වාර්තා අප මෙහි පළ කර තිබේ.
