රාජපක්ෂ සහෝදරයන්ට එරෙහිව
කැනඩා රජය සම්බාධක පනවයි.
ඒ නමුත් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට
උපරිම සහාය ලබා දෙන බවද නිවේදනය කරයි…!
යුද සමයේ සිදුකර තිබෙන මානව හිමිකම් උල්ලංඝණය කිරීම්වලට අදාලව මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන අයට එරෙහිව සම්බාධක පැනවීමට තීරණය කර තිබෙන බව කැනඩා රජය නිවේදනය කරයි.
මානව හිමිකම් සුරක්ෂා කිරීම සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම කැනඩා රජයේ කණස්සලට හේතු වී ඇති බව ද ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නිවේදනයේ සදහන් ය.
මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන අයට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ අපකීර්තිමත් මිරුසුවිල් ඝාතනයට සම්බන්ධ බවට අධිකරණයෙන් වරදකරුවකු කර තිබෙන සුනිල් රත්නායක යන අයට සහ කොළඹ සහ තදාසන්න නගරවල ජීවත් වූ පාසල් සිසුන් ඇතුළු තරුණයන් එකොලොස් දෙනෙකු අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින චන්දන ප්‍රසාද් හෙට්ටි ආරච්චි හෙවත් නේවි සම්පත් යන අයට එරෙහිව කැනඩා රජය සම්බාධක පනවා තිබේ.
කෙසේ වෙතත් ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකීය ජනතාවට සිය උපරිම සහය ලබා දෙන බව ද කැනඩා රජය නිවේදනය කරයි.
ඒ අනුව ආර්ථික අර්බුදය හමුවේ වඩාත් පීඩාපවට පත්ව සිටින ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් එම පිරිස් වෙත අවශ්‍ය සහනාධාර ලබා දීම වෙනුවෙන් කැනඩා රජය ඇමරිකානු ඩොලර් මිලියන තුනක පරිත්‍යාගයක් පසුගිය දා ප්‍රධානය කළේ ය.