රාජ්‍ය අමාත්‍යධූරය සදහා ලැබුණු නිල නිවස-වාහන හතරක් සහ දුරකථන පහසුකම ගීතා ප්‍රතික්ෂේප කරයි.

0
254

රාජ්‍ය අමාත්‍යධූරය සදහා ලැබුණු;
නිල නිවස
වාහන හතරක් සහ
දුරකථන පහසුකම
ගීතා ප්‍රතික්ෂේප කරයි.

රාජ්‍ය අමාත්‍යධූරය සදහා ලැබුණු සියළු වරප්‍රසාද රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය නැවත රජයට භාර දී ඇති බව වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ඇයට කොළඹින් නිල නිවසක් සහ වාහන පහක් හිමි ය.

එම නිල නිවස ඇය භාරගෙන නැත.

එමෙන්ම ඇයගේ ප්‍රයෝජනය සදහා නිල රථ පහක් ලබා දී ඇති අතර එම නිල රථ පහෙන් නිළ රථ හතරක් නැවත රජයට භාර දී ඇති බවත් වාර්තා වේ. එමෙන්ම දුරකථනය ලබා දෙන දීමනාව ද ඈ විසින් ප්‍රතික්ෂේප කළේ.

තමන් ලබා ගනු බලන්නේ මන්ත්‍රී ධූරය සදහා ලැබෙන රුපියල් 54000 ක වැටුප පමණක් බව ඇය පවසයි.

දිවයින පුවත්පත මේ බව වාර්තා කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 3 =