ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර, පත් කළ යුතු රාජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාව පිළිබදව මතුව ඇති නොඑකගතාව හේතුවෙන්, රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම ප්‍රමාද වෙමින් පවතින බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතින් වාර්තා කර තිබෙන ආකාරයට, රාජ්‍ය අමාත්‍යවරු 30 කට වඩා වැඩි පිරිසක් පත් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබෙන අතර, අග්‍රාමාත්‍යවරයා ඊට එකගතාවය පළ කර නැත.
අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ එම සංඛ්‍යාව ඉහළ අගයක් බවයි.
පසුගිය කැබිනට් මණ්ඩලයේ කැබිනට් අමාත්‍ය ධූර දැරූ සියල්ලන්ට මෙවර රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනැමීමට කටයුතු කරමින් සිටින බවද පුවත්පත පවසිය .