රාජ්‍ය අමාත්‍යවරු නොසතුටින්.
ඔවුහු ලේකම්වරුත් ඉල්ලති.
දැනට පත්කර සිටින රාජ්‍ය අමාත්‍යවරු ඔවුන්ට ලැබී තිබෙන වරප්‍රසාද සම්බන්ධයෙන් අතෘප්තිමත් බව පැවසේ.
මේ බව අද වෙළද පොළට නිකුත් වී තිබෙන සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශාපලන ලියුම්කරු වාර්තා කර තිබේ.
එම වාර්තාවට අනුව රාජ්‍ය අමාත්‍ය ධූර ලබාගත් මෙම පිරිස එම අමාත්‍ය ධූර ලබා ගැනීමට පෙර ඔවුන්ට රාජ්‍ය අමාත්‍ය ධූර ලබා නොදෙන්නේ නම් ජනාධිපතිවරයාගේ අයවැයට පක්ෂව ඡන්දය නොදෙන බවට තර්ජනය කර තිබෙන බව ද පැවසේ.
කෙසේ වෙතත් මේ වන විට රාජ්‍ය අමාත්‍යවරු 39 ක් පත් කර සිටිති.
ඔවුන්ට ඇමතිවරුන්ට ලැබෙන වැටුප් ලබා නොදෙන බව ජනාධිපතිවරයා පවසා තිබේ.
ඒ නමුත් තමන්ට ලේකම්වරු අවශ්‍ය බව අළුතින් පත් වූ රාජ්‍ය අමාත්‍යවරු ඉල්ලා ඇති බව පැවසේ.
ඊට අමතරව තමන්ට අයත් විෂයයන් ගැසට් කර නොතිබීමද රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කණස්සල්ලට හේතු වී තිබේ.
රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීම එහෙම්පිටින්ම වාගේ බැසිල් රාජපක්ෂ මහතාගේ බලකිරීම මත සිදුව ඇති බව මේ අනුව පෙනී යයි. රාජ්‍ය අමාත්‍ය ධූර ලබා ගත් ඇමතිවරු කිහිප දෙනෙක්ම ඔවුන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය ධූර සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට ප්‍රසිද්ධියේ ම ස්තුති කර තිබුණි.
කැබිනට් අමාත්‍යවරු සමග එම රාජ්‍ය අමාත්‍යවරු සහයෝගයෙන් කටයුතු කරන ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා කරයි.
රාජ්‍ය අමාත්‍යවරු විසිල් ඉල්ලා සිටින පරිදි ලේකම්වරු පත් කිරීමට හෝ විෂයයන් ගැසට් කිරීමට ජනාධිපතිවරයාගේ සූදානමක් නැති බවයි පෙනී යන්නේ…