‘රාජ්‍ය අමාත්‍යවරු වෙනුවෙන් අති සුඛෝපභෝගී මෝටර් රථ 39 ක් ගෙන්නලා…!’ ඩිලාන් පෙරේරා චෝදනා කරයි.

0
110

‘රාජ්‍ය අමාත්‍යවරු වෙනුවෙන්
අති සුඛෝපභෝගී මෝටර් රථ 39 ක් ගෙන්නලා…!’
ඩිලාන් පෙරේරා චෝදනා කරයි.

රාජ්‍ය අමාත්‍යවරු වෙනුවෙන් නවීන සුඛෝපභෝගී මෝටර් රථ තිස් නමයක් ගෙන්වා ඇති බව තමන්ට දැන ගන්නට ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව හෙළි කර සිටියේ ය.

එමෙන්ම මැතිවරණය කල් දැමීමට ගෙන තිබෙන තීරණයද මන්ත්‍රීවරයාගේ දැඩි දෝශ දර්ශනයට ලක් විය.

කතිරයෙන් පාලනය වෙනස් කිරීමේ අවස්ථාව ජනතාවට අහිමි කිරීමේ ප්‍රතිඵලය විය හැක්කේ පාලනය වෙනස් කිරීම සදහා ජනතාව වෙනත් ක්‍රම භාවිතා කිරීම යැයි මන්ත්‍රීවරයා අනතුරු හගවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × three =