“රාජ්‍ය ආදායම
ලබා දුන් ඉලක්කය සපුරා නෑ..!”
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.
රොයිටර් වාර්තා කරයි.
ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ලබා දීමට එය බාධාවක් ඇති නොකරන නමුත්, මේ වසරේ රාජ්‍ය ආදායම, ඔවුන් ලබා දුන් ඉලක්ක කරා ගෙන යාමට ශ්‍රී ලංකා රජය අපොහොසත් ව තිබීම පිළිබදව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවධානය යොමු වී ඇති බව රොයිටර් පුවත්සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකාව සදහා අනුමත කළ ණය මුදල සම්බන්ධයෙන් වූ පළමු සමාලෝචනය සදහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මේ වන විටත් දිවයිනට පැමිණ සිටින අතර, ඔවුන් අගහරුවාදා දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමු විය.
පළමු සමාලෝචනයට අදාලව, සපුරාලිය යුතුව තිබෙන බොහෝ කොන්දේසී, ශ්‍රී ලංකා රජය මේ වන විටත් සම්පූර්ණ කර තිබේ. දේශීය ණය ප්‍රශස්ත කරණය ද ඊට අයත් ය.
කෙසේ වෙතත්, රාජ්‍ය ආදායම අපේක්ෂිත ඉලක්ක සපුරා නොතිබීම සම්බන්ධයෙන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කණස්සල්ලට පත්ව සිටින බව, රොයිටර් පුවත් සේවයට තොරතුරු ලබා දී තිබෙන, නම හෙළි කිරීමට අකමැති රාජ්‍ය නිළධාරීන් දෙදෛනකු පවසා තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතාට අනුව, අපේක්ෂිත රාජ්‍ය ආදායම සහ සැබැවින්ම උපයා ගත හැකි රාජ්‍ය ආදායම අතර පරතරය රුපියල් බිලියන 100 කි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග මහබැංකුව සහ මුදල් අමාත්‍යංශය පැවැත් වූ සාකච්ඡා සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට නොහැකි වූ බව රොයිටර් පුවත් සේවය පවසයි.
බදාදා පස්වරුවේ දී, දෙසතියක සංචාරය අවසන් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ, කොළඹ දී මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතය.