‘රාජ්‍ය ආයතනවල කාර්යසාධනය මැනීම සදහා
දර්ශකයක්…!’
නාමල්ගේ හදුන්වාදීමක්.
රාජ්‍ය ආයතනවල කාර්ය සාධනය මැනීම සදහා දර්ශකයන් හදුන්වා දීමට මෑතක දී ස්ථාපිත කරන ලද ජාතික සභාව විසින් තීරණය කර තිබේ.
ජාතික සභාව යටතේ ස්ථාපිත කර තිබෙන ප්‍රධාන අනු කමිටු දෙකෙන් එකක් වන කෙටිකාලීන-මධ්‍යකාලීන හා දිගුකාලීන ප්‍රතිපත්ති සකස් කිරීම සදහා අවශ්‍යවන ප්‍රමුඛතා හදුනා ගැනීම වෙනුවෙන් පිහිටවා තිබෙන අනු කමිටුව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
මෙම අනුකමිටුවේ සභාපතිත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසිනි.
මේ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ මෙම සටහන තබා තිබේ.
While establishing KPIs for government officials & offices, we need to ensure that we create a single platform to simplify & unify all citizen services making them easily accessible to all Sri Lankans living in #LKA & abroad.
රාජ්‍ය නිලධාරීන්ට සහ රජයේ කාර්යාල සඳහා කාර්ය සාධන දර්ශන ස්ථාපිත කරමින් ඒවායේ සේවාවන් වේගවත් කරන අතරම, පුරවැසියනට සහ විදේශයන්හි වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි සියලුම පුරවැසි සේවාවන් සරල කිරීමට සහ ඒකාබද්ධ කිරීමට ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට අපි සැම උත්සහ ගැනීම අත්‍යාවශ්‍ය වේ.