නීතියේ ආධිපත්‍යය කෝ…
රාජ්‍ය ඇමතිවරු තිදෙනෙක්
මානවහිමිකම් උල්ලංඝණය කළ බවට
චෝදනා එල්ලවී ඇති අය..!
හියුමන් රයිට් වොච් චෝදනා කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට හෝ මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැප වී නොමැති බව ඔහු විසින් ඊයේ දිනයේ දී පත් කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් පෙනී යන්නේ යැයි හියුමන් රයිට් වොච් සංවිධානය චොදනා කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය ධූර ලබා දී තිබෙන මානවහිමිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන තිදෙනෙකු හියුමන් රයිට් වොච් සංවිධානය නම් කරයි.
ඔවුන් තිදෙනා වන්නේ සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් – ලොහාන් රත්වත්තේ සහ සනත් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරු ය.
දරුවන් පැහැරගෙන යාම – පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම ඇතුළු චෝදනා රැසක් පිල්ලෙයාන්ට එරෙහිව එල්ල වී ඇති බව හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි. චෝදනා රැසක් එල්ල වී තිබෙන පිල්ලෙයාන් ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ දිනයේ දී දිවුරුම් දුන්නේ ය.
එමෙන්ම ඊයේ දිනයේ දී දිවුරුම් දුන් ලොහාන් රත්වත්තේට එරෙහිවද චෝදනා රැසක් එල්ල වී තිබේ. ඔහු බන්ධනාගාර අමාත්‍යවරයාව සිටියදී බලහත්කාරයෙන් බන්ධානාගර තුළට ඇතුළු වී හිසට පිස්තෝල තබා සිරකරුවන්ට මරණ තර්ජනය කිරීම පිළිබදව චෝදනා එල්ල වූ අතර අවසානයේ අදාල අමාත්‍ය ධූරයෙන් ඔහු නෙරපා දමා තිබුණි.
එවැනි චෝදනා සහිත ලොහාන් රත්වත්තේ ඊයේ දිනයේ දී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.
එමෙන්ම ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය ධූරයේ ඊයේ දිවුරුම් දුන් සනත් නිශාන්තට එරෙහිවද බරපතල චෝදනා එල්ල වී තිබේ. විශේෂයෙන්ම පසුගිය මැයි නම වන දා ගෝඨා ගෝ ගම නිරායුධ විරෝධතාකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් ඔහුගේ නම ගෑවී තිබේ.