රාජ්‍ය ඇමති මැදිහත් වී ආනමඩුව පොලිසියට පත් වූ අලුත් ස්ථානාධිපති ඉවත්කරයි..?

0
312


රාජ්‍ය ඇමති මැදිහත් වී
ආනමඩුව පොලිසියට පත් වූ අලුත් ස්ථානාධිපති
ඉවත්කරයි..?

ආනමඩුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස පත්කර එවන ලද ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.පී.ආර්. අබේනායක මහතාගේ පත්වීම, පුත්තලමේ රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ මැදිහත් වීමෙන් අත්හිටුවා ඇති බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි.

තමන්ගේ අනුදැනුමකින් තොරව මෙම පත් කිරීම සිදුකර ඇති බවට චෝදනා කරමින්, අදාල පත් කිරීම අවලංගු කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබේ.

තමාගේ අනුමැතිය නොමැතිව පුත්තලම දිස්ත්‍රික්කයේ කිසිදු පොලිස් ස්ථානයකට ස්ථාධිපතිවරයෙකු පත් කිරීමට ඉඩ නොදෙන බවට එකී රාජ්‍ය අමාත්‍යවරයා වහසිබස් දොඩා ඇති බවද ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි.

ආනමඩුව පොලිසියේ ස්ථානාධිපතිධූරය සදහා ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.පී.ආර්. අබේනායක මහතා පත් කරන බවට පොලිස්පතිවරයා පසුගිය 18 වන දා නිවේදනය කර තිබුණු අතර, පසුව 19 වන දා එම පත් කිරීම පොලිස්පතිවරයා විසින්ම අවලංගු කළ බවට වූ නිවේදනය නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + eight =