රාජ්‍ය ඇමති සනත් නිශාන්තට අභියාචනාධිකරණයෙන් නොතීසි..!

0
517

රාජ්‍ය ඇමති සනත් නිශාන්තට
අභියාචනාධිකරණයෙන් නොතීසි..!


අගෝස්තු මාසයේ 23 වන දා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අධිකරණයට අපහාස වන අයුරේ ප්‍රකාශ සිදුකරන ලද බවට චෝදනා කරමින් ගොනුකර තිබෙන නඩුවකට අදාලව සැප්තැම්බර් මාසයේ 13 වන දා අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින්නයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට සිතාසි නිකුත් කර තිබේ.

විජිත කුමාර සහ ප්‍රියලාල් සිරිසේන යන නීතීඥ මහතුන් විසින් රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අදාල නඩුව ගොනු කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105/3 වගන්තිය ප්‍රකාරව රාජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පිළිගනිමින් ඔහුට එරෙහිව දඩුවම් කරන ලෙස පෙත්සම්කරුවෝ අභියානචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − five =