රාජ්‍ය නිළධාරීන්ට සමාජ මාධ්‍ය සීමා කිරීම..! රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ශ්‍රේෂ්ඨාධිකරණයට යයි.

0
131

රාජ්‍ය නිළධාරීන්ට සමාජ මාධ්‍ය සීමා කිරීම..!
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති
ශ්‍රේෂ්ඨාධිකරණයට යයි.

සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිළධාරීන්ට නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙන්නේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පලාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසිනි.

ආයතන සංග්‍රහය අනුගමනය නොකර සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරන රාජ්‍ය නිළධාරීන් සම්බන්ධයෙන් විනය පියවර ගනු ලබන බව එම චක්‍රලේඛයෙන් දැක් වේ.

මෙම චක්‍රලේඛයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට රාජ්‍ය සේවයට අයත් වෘත්තීය සමිති සූදානම් වන බව වාර්තා වේ.

මෙම චක්‍රලේඛය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සෑම තහවුරු කර තිබෙන අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝණය වන බව ඔවුන් යෝජනා කරයි.

අදාල චක්‍රලේඛයට එරෙහිව අත්සන් ලබා ගැනීමට වෘත්තීය සමිති මේ වන විටත් කටයුතු කරමින් සිටින අතර මෙම චක්‍රලේඛය ද රජය මෑතක සිට උත්සන්න කර තිබෙන මර්දනයේ තවත් එක් දිගුවක් යැයි ඔවුන් චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − three =