‘රාජ්‍ය සේවය විධිමත්ව පවත්වාගෙන යන්නේ කෙසේ ද..?’ නාමල්ගෙන් අගමැති දිනේශ්ට උපදෙස්.

0
693

‘රාජ්‍ය සේවය විධිමත්ව පවත්වාගෙන යන්නේ කෙසේ ද..?’
නාමල්ගෙන් අගමැති දිනේශ්ට උපදෙස්.

රාජ්‍ය සේවය විධිමත්ව පවත්ගෙන යාමට අදාලව හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජලක්ෂ විසින් වත්මන් අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

ඒ යෝජනා ඇතුළත්ව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කර තිබෙන ලිපිය පහතින්.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 15 /2022 [i]අනුව සතියේ දවස් පහම නිත්‍ය සේවා ස්ථානයේ සේවය කළ යුතු වුවත් ක්ෂේත්‍ර නිළධාරීන් සතියකට දින දෙකක් හෝ තුනක් ඔවුන් පදිංචි වසමේ සේවය කිරීමෙන් වඩාත් ඵලදායී මහජන සේවාවක් ඉටු කළ හැකි බව නිරීක්ෂණය කරමි.

දැනට ක්ෂේත්‍ර නිළධාරී ඝණ 44 ක් පමණ – සිටින අතර MN-4 වැටුප් තලයේ නිළධාරීන් ලක්ෂ එක හමාරක් පමණ ක්ෂේත්‍ර රාජකාරීවල නියැලී සිටියි. අපේ රටේ ග්‍රාම නිළධාරීන් වසම් 14022 ට නිළධාරීන්ගේ පදිංචිය අනුව රාජකාරිවල යෙදවුවහොත් ඵලදායී මහජන සේවාවක් ඉටු කළ හැකි වනු ඇත.

ඒ ඒ ප්‍රාදේශීය ලේකම්කාර්යාලවල මෙම නිළධාරීන්ගේ සංචිතයක් ස්ථාපනය කර විධිමත්ව රාජකාරී පවරා විධිමත්ව නියාමනය කිරීමෙන් ප්‍රශස්ත මහජන සේවාවක් සැලසිය හැකි ය.

මේ මොහොතේ රටේ පවතින විවිධ අභියෝග හමුවේ රාජ්‍ය සේවය මනාව පවත්වාගෙන යාමට මෙය පිටිවහලක් වන බව මගේ විශ්වාසයයි.
මම අමාත්‍යධූරය දරණ සමයේ දී තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව මෙය අත්හදා බැලූ බව සිහිපත් කරනු කැමැත්තෙමි.

රාජ්‍ය පරිපාලන – ස්වදේශ කටයුතු – පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ඔබතුමාගේ අමාත්‍යංශයේ ලේකම්තුමා හා අදාළ නිළධාරීන් දැනුවත් කර මෙය වහාම ක්‍රියාත්මක කිරිමට හැකිනම් රජය සම්බන්ධයෙන් මහජනතාවගේ පවතින අහිතකර මතයන් පවා වෙනස් කිරීමට හැකිවනු ඇත.


නාමල් රාජපක්ෂ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + 10 =