‘රාජිතට දෙනවානම් රෝහිටත් ඇමතිදූරයක් අවශ්‍යයි..!’
පොහොට්ටු පක්ෂය ජනපතිට කියයි.
නුදුරේදීම ආණ්ඩුව හා එක්වීමට නියමිත සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට අමාත්‍යදූරයක් ලබා දෙන්නේනම්, රෝහිත අබේගඳාුණවර්ධනට අමාත්‍ය දූරයක් ලබා දිය යුතු බව, පොහොට්ටු පක්ෂය, ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
ඊට හේතුව, දෙදෙනාම කලුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන අය වීමයි.
එබැවින්, රෝහිත අබේගුණවර්ධනට අමාත්‍ය දූරයක් ලබා නොදී රාජිත සේනාරත්නට පමණක් අමාත්‍ය දූරලයක් ලබා දෙන්නේ නම්, එය රෝහිත අබේගුණවර්ධනට කරන අසාධාරණයක් බව පොහොට්ටු පක්ෂයේ මතය වී තිබේ.
රෝහිත අබේගුණවර්ධන, පොහොට්ටු පක්ෂයේ ඉදිරිපෙළ නායකයෙකු වන අතර, පුරප්පාඩු වී පවතින අමාත්‍ය දූර සදහා පත් කරන ලෙසට පොහොට්ටු පක්ෂයෙන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කර තිබෙන නම් ලයිස්තුව තුළ ද රෝහිත අබේගුණවර්ධනගේ නම ඇතුළත් ය.