රිෂී සූනක් ඊශ්‍රායලයට ගොඩ බසියි. පුටින් ගාසා තීරයට ආහාර ඇතුළු මානුෂීය ආධාර යවයි.

0
1248

රිෂී සූනක්
ඊශ්‍රායලයට ගොඩ බසියි.
පුටින් ගාසා තීරයට
ආහාර ඇතුළු මානුෂීය ආධාර
යවයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සූනක්, අද පෙරවරුවේ ඊශ්‍රායලයට පැමිණ තිබේ.

ඔහුගේ මෙම සංචාරයේ අරමුණ, මේ දුෂ්කර මොහොතේ, බ්‍රිතාන්‍ය ජනතාව, ඊශ්‍රායලය සමග ඉන්නා බව ප්‍රකාශ කිරීමයි.

පසුගිය හත්වන දා හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරය බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් බව රිෂී සූනක් පවසයි.

මේ අතර, රුසියානු ජනාධිපති පුටින්, ගාසා තීරයට ආහාර සහ ඖෂධ ඇතුළුව ටොන් විසි හතක බරකින් යුතු මානුෂීය ආධාර පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.

මෙම ආධාර මුලින් ඊජිප්තුව බලා පිටත් කර යවන අතර, ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය එම ආධාර ගාසා තීරය වෙත රැගෙන යාමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 6 =