‘රුපියල් කෝටි 31,309 ක විදෙස් ණයට වෙච්ච දෙයක් නෑ..!’ විගණන වාර්තාවකින් හෙළි වේ.

0
175

‘රුපියල් කෝටි 31,309 ක විදෙස් ණයට
වෙච්ච දෙයක් නෑ..!’
විගණන වාර්තාවකින් හෙළි වේ.


ණය ගිවිසුම් 12කට අදාලව ලැබුණු රුපියල් කෝටි තිස් එක් දහස් තුන්සිය නමයක විදෙස් ණය පිළිබද වාර්තා රාජ්‍ය මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත්ව නැති බව විගණන වාර්තාවකින් හෙළි වී තිබේ.

මේ බව අද වෙළද පොළට නිකුත්ව තිබෙන ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මහාභාණ්ඩාගාරය සම්බන්ධයෙන් සිදුකළ විගණනයකදී මේ බව හෙළි වී තිබේ.

මෙම මුදල් විවිධ ආයතනවල ව්‍යාපෘති සදහා ලබා දී ඇති බැවින් ඒවා රාජ්‍ය මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත් කර නැති බව මහාභාණ්ඩාර කලමණාකාරීත්වය පවසා තිබේ.

ඒ නමුත් ණය පිළිබද සියළු තොරතුරු රාජ්‍ය මූල්‍ය ප්‍රකාශනවලට ඇතුළත්විය යුතු බව විගණකාධිපතිවරයා අවධාරණය කරයි.

මෙම ණය ගිවිසුම් දොළහට හම්බන්තොට වරාය ව්‍යාපෘතියද ඇතුළත් ය.

හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබා ගත් ණය මුදලෙන් රුපියල් කෝටි 16,133ක ණය පිළිබදව රාජ්‍ය මූල්‍ය ප්‍රකාශනවල මෙන්ම වරාය අධිකාරියට අයත් මූල්‍ය ප්‍රකාශනවලද ඇතුළත් වී නැත.

කොවිඩ් වසංගත සමයේ විවිධ ආයතන විසින් ලබා දෙන ලද ණය සහ ආධාර මුදල් රුපියල් කෝටි 195 ක මුදල් පිළිබදවද කිසිදු මූල්‍ය වාර්තාවක සදහන්ව නැති බවද හෙළි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × one =